• All
  • Politics
  • The World
  • Look Around
  • The Traveler
  • අප උරුමය
  • Lost History
gravatar

අද කාලයේ ජනප්‍රිය මාතෘකාව - අංගම් ශිල්පය


අංගම් ගැන අප කතා කරන්නට පටන් ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඒ විශිෂ්ට කල කරුවාගේ දඩුබස්නාමනය ටෙලි වෘතන්තයෙනි. විශිෂ්ට ටෙලි කෘතියක් වූ එහි අනාදිමත් කාලයක සිට පරම්පරා දෙකක් මුල් කරගෙන පැවතගෙන ආ අංගම් කලාව විනාශ වී ගිය අන්දම පෙන්වා දෙයි. එහි මුලික වශයෙන් පහත 
කරුණු අඩංගු වේ.
1. තමන්ගේ පරපුරට අවේනික වූ ආචාර ධර්ම දිවිහිමියෙන් ආරක්ෂා කිරීම
2. අසත්පුරුෂයන්ට අංගම් කලාව නොදීම
3. ගුරු කුල අතර ද්වන්ධ සටන් මරණය තෙක් පැවැත්වීම
4. ස්නායු පද්ධතිය මුල් කරගත් නිල ශාස්ත්‍රයක් තිබීම

එම ටෙලි සිත්තම නිසා සමාජයේ බොහෝ දෙන අංගම් ගැන කතා කරන්නට පටන් ගත් අතර ඉන්පසු වැඩි කතා බහක් ඇති වුයේ නැත. නමුත් අද වන විට අංගම් යනු උණුසුම් මාතෘකාවක් වී ඇත. ඉතා සුළු කාලයක් තුල දේශමාමක අංගම් ශිල්පීන් රැසක් මාධ්‍ය හරබයක නියත වී සිටින ආකාරය දකින්නට ඇත. මේ සටහන තබන්නේ හදිස්සියේ ඇති වූ මේ අංගම් උණුසුම කුමක්දි සොයා බැලීමටය.
මා මිත්‍රයෙක් පසුගිය දිනෙක හදිස්සියේ අංගම් මඩුවක් බලන්නට යෝජනා කළේය. මා එම යෝජනාව එක පයින්ම ස්ථිර කලේ හැබැවටම අංගම් යනු කුමක්දෙයි කිනම හටගත් ආසාව නිසාමය. 

කඩුවෙල නගර මධ්‍යයේ පිහිටා ඇති "රන් කඩු පත්තිනි දේවාලයේ" පැවෙති එය අප යන විට ආරම්භ වූවා පමණි. බලු බැල්මට දේශපාලන බවතුන් රොත්තකුත් කල කරුවන් රැසකුත් ඉදිරිපිට කෙරු සංදර්ශනයක සේයාවක් ගත් එහි ගතයුත්තක් නැති බව අපට වැටහුණි. අපගේ නිරීක්ෂණයන් මෙසේය


1. අංගම් යනු තමන්ගේ ලේ උරුමයක් බව පුන පුනා පැවසීම. එය ප්‍රශ්න කරන සියලු දෙන පරංගින් ජාතක කොට ඉපදීම. (එය පැවසු පෙරේරා මහතාට එකී නමේ සම්භවය අමතක උනාවත්ද?)
2. මුල්ලේරියා සටනේ උරුමය තමන් සතු කර ගැනීමට දරු අනෙක විධ ප්‍රකාශ
3. තමන් අංගම් වල කෙල පැමිණි අසහාය වීරයෙක් බව පෙන්වා දීම.


4. කිසිදු පුද්ගලයෙකුට ආසාවට පින්තුරයක් ගන්න නොදීම - නමුත් මෙම සංදර්ශනයේ එක අරමුණක් ලෙස පෙන්වා දී තිබුනේ ජනතාවගේ දෑස පාදන්නට මෙය කල බවකි.

5. තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය අසම සම බව පෙන්වීමට උත්සහ කිරීම(බාගෙට ඇස් බැදගෙන කඩුවකින් කෙටු හැටි බොහෝ දෙනා කතා විය)
6. තමන්ගේ උපාධි, ආචාර්ය පට්ටම් සහ ගෞරව පට්ටන් පුන පුනා සදහන් කිරීම. එදිම දේශමාන්‍ය පට්ටමද බෙර හඩ මද්‍යයේ ලබාදීම සිදු කෙරින. 

7. අංගම් නම් මම තමයි බුවා කියා නොකියා කීම :)


මෙම පිරිස මුකුත් නොදන්නා පිරිසක් යැයි අප කිසිවිටෙක කියන්නේ නැත. මන්ද පෙරේරා මහතා කලකට පෙර දක්ෂ වුෂු ශිල්පියෙක් ලෙස ශිෂ්‍යන් පුහුණු කල බව අප දන්නා නිසාය. ප්‍රශ්නය තිබෙන්නේ එක පාරටම දියෙන් නෙළුමක් පිපෙන්නා සේ අංගම් කලාව එක පාරටම මතක් වීමය. 30 වසරක ශාප ලත් යුද්ධයක් අවසාන කර මුළු මහත් ජාතියම ජාති මාමක වී තිබෙන මෙම කාලය මෙවන් වැඩකට නරකමයි කියන්නට බැරිය. මන්ද ජනතාව අද කාලයේ දේශ මාමක ලේබලය ගැසූ ඕනෑම දෙයක් හිස මුදුනින් බාර ගැනීමට ලෑස්ති නිසාය. අපට හිතෙන්නේ පෙරේරා කණ්ඩායම මෙය හොදට හිතා බලා කරපු නියම මාර්කටින් වැඩක් ලෙසය. පොඩ්ඩක් මෙම වීඩියෝව නරඹන්න: රොබින් හුඩ්වත් තම බුවා කියා පෙන්වීමට මෙච්චර දැගලුවේ නැති බව ඔබට මතක ඇති. මෙච්චර kick එකක් තිබ්බානම් ශාපලත් යුද්ධය කාලේ වචනයකින් හරි පොඩි සප් එකක් දෙන්නට තිබුණා නොවේද?
මේ සමගම රිටිගල සුමේධ, ග්‍රේෂන් මාස්ටර් සහ තවත් බොහෝ පිරිසක් අංගම් උරුමය රකින බවට මාධ්‍ය වල සටහන් විය. කොටින්ම මෙය මාධ්‍ය වලටද නියම ප්‍රවෘත්තියකි. ඔවුන් ගැන කතා කරන්නට අප දන්නේ නැත. මන්ද ඔවුන්ගේ හරඹ බලන්ට තම අවකාශයක් ලැබුනේ නැත. අපට මේ කිසිවෙක් සමග කිසිම පොද්ගලික තරහක් නැත. ඔවුන් දන්නා ශිල්පයක් පෙන්නා නටා දැක්වුවාට කම් නැත. නමුත් හදවතට සියුම් වේදනාවක් දැනෙන්නේ අපගේ සිහළ උරුමය වූ අංගම් කලාව මෙලෙස තමන්ගේ කරගැනීමට එකිනෙකා කර ගන්නා වූ අනේක විච්චුරන දකින කොටය. නමුත් අපගේ ප්‍රාර්ථනාව මෙම විශිෂ්ට කලාව තවමත් අප අතරේ සුරැකිව ඇති බවකි. ශික්ෂණය, සාරධර්ම සහ පංච ශීලය තම අරටුව කරගත් අංගම් කලාව නිසි ලෙස ප්‍රගුණ කල අයෙක් මෙලෙස බයිස්කෝප් මානසිකත්වයක සිටිනු ඇතැයි සිතීම උගහටය. ආත්මාරක සටන් කලාවක් හැරු අයෙක් අන්තර්ජාලයේ එක් ලිපියක සටහනක් තබා තිබුනේ මෙම ශිල්පින් බොහෝ දෙනා වුෂු සටන් කලාව අභාෂයට ගෙන ඇති බවකි. එහි සත්‍ය අසත්‍යතාවය ඔබම සොයා බලනමෙන් ආරාධනා කරන්නෙමු.


අවරුදු සිය ගණනක් පැරණි වතාවක් ලෙස 499 වරට කරන ලද උක්ත පූජාව නොහොත් සංදර්ශනය ගැන බොහෝ දෙනා කතා කලද දේවාලයේ කපු මහතාට අනුව එය සිදු කර ඇත්තේ ප්‍රථම වතාවටය. කෙසේ නමුත් අපගේ පැරණි තේවාවක් නැවත අරඹා මෙලස ඉදිරිපත් කිරීම ගැන අප අගය කල යතුය. නමුත් අංගම් අයිති කර ගන්නට යාම නම් අනුමත කල නොහැකි දෙයකි.



කෙසේ වෙතත් ඉතිහාසයේ අංගම් කලාවේ මෙහෙය නිසි ඇගයීමකට ලක් වී නැති බව නම් පැහැදිලි කරුණකි. ලක් ඉතිහාසයේ මෙකී ශිල්පින් දේශයේ අභිමානයට සහ ආරක්ෂාවට දායක වූ අන්දම අපි වෙනම ලිපියකින් සාකච්චා කල යුතුව ඇත. අංගම් කලාවේ ආරම්බය සහ පුරවෘර්ත අධ්‍යනය පසුවට තබන්නට කැමැත්තෙමු(ලිපිය අරඹා ඇති පින්තුරය ඇම්බැක්කේ දෙවොලේ ඇති ලී කැටයමකි. මෙය පුරාතන අංගම් ශිල්පින් දෙදෙනෙක් බවට මතයක් තිබේ).


ලිපිය අවසානයට මත්තෙන් තව දෙයක් කිව යුතුය. බැරිවෙලාවක්වත් පෙරේරා මහතා මෙය කියෙව්වොත් මාගේ ජාතකය පරංගින්ට සම්බන්ධ කරනු ඇත. මට ප්‍රසිද්ධියේ සටනකට අභියෝග කරනු ඇත. නමුත් අවාසනාවකට මට අභියෝගය බාර ගන්නට බැරි වන්නේ මන් වුෂු දන්නේ නැති නිසාය.


සිංහලේ වෙනුවෙන් දිවි පිදු සියලු වීරයන්ට නිවන් සුව! 








gravatar

Meke Ajantha perera gena kiyala tiyana ewa 100% eththa

gravatar

podi weradimak thiyenawa. Perera wushu nemei kale. Karate thamai kale. Shihan Anura Kathriarachchi kiyanne Pererage master.

gravatar

එතකොට අංගම්පොර දන්න කෙනෙකුට වූෂූ දන්න කෙනෙක් එක්ක සටන් කරලා දිනන්න බැරිද? හැබැයි ලංකාවෙ පාරම්පරික අංගම්පොර ශිල්පියෙකුටනම් ඔය ප‍්‍රශ්ණය එනේ නෑ.