
Kindom of Pride - Anuradhapura
අනුරාධපුර යනු
සමස්ථ
ලක්
ඉතිහාසයේ කේන්ද්‍රයි! විශිෂ්ට වාරි
සහ
ඉංජිනේරු තාක්ෂණයේ ජීවමාන
සාධක
රැසක්
අදටත්
ඉතිරිව
ඇති
මෙම
පුරන
අගනගරයේ ගවේෂණය
කල
යුතු
ස්ථාන
අපමණය.
ජය
ශ්රී මහා බෝධිය
මුල්
කරගත්
වර්ථමාන වන්දනා
චාරිකාවන්ගෙන් බොහොමයක් මෙකී
ස්ථාන
මගහැරීම සුලබ
දෙයකි.
එමනිසා
මෙම
පුරාණ
අග
නගරයේ
ශ්රී විභූතිය දැකීමට
කෙටි
කාලයක්
හෝ
වෙන්
කරගෙන
පැමිණීම කාලය
අපතේ
යැවීමක් නොවනු
ඇත.
මෑතකදී අනුරාධපුර නටබුන් පුරයේ සැරිසරන විටදී ගත ඡයරුප කිහිපයක් පහත දැක්වේ.
මෙහි දැක්වෙන්නේ ථූපාරාම නව කැනීම් ප්රදේශයේ ගත් ඡයරුපයන්ය. මෙය හොදින් නිරීක්ෂණය කළහොත් ථූපාරාමය වට ඉදි කර තිබු ගඩොල් බැම්ම පැහැදිලිවම බලාගත හැකිය. මෙහි වැදගත්කම වන්නේ කිසිදු සංරක්ෂණයක් නැතිව අද වෙන තුරු මෙය සුරැකිව තිබීමය. මෙම නටබුන් තහවුරු කර අලුත්වැඩියා කල පසු මෙහි මුහුණුවර ස්වල්ප වශයෙන් වෙනස්විය හැකිය.
විහාර සංකීර්ණයේ ප්රධාන දන ශාලාවේ ඇති බත් ඔරුව. සියවස් ගණනාවක් මෙහි වාසය කල භික්ෂුන් දන් වැළදු ස්ථානය මෙයක්. මෙහි 5000ක් භික්ෂුන්ට දානය සැපයු බව සදහන්ය. අනිත් පින්තුරයෙන් දැක්වෙන්නේ දන ශාලාවේ පිටුපස ප්රවේශයේ තිබු විශාල දොරටුවෙන් ගල් උළුවස්සේ සැදුනු කඩතොලුය. කළු ගලක් දැවමය දොරකින් මෙලෙස පලුදු වන්නට සියවස් කිහිපයක් ගතවන්නට ඇත. මෙය මා දුටු අකර්ෂණීයම දර්ශනයි.