• All
  • Politics
  • The World
  • Look Around
  • The Traveler
  • අප උරුමය
  • Lost History
gravatar

Ritigala Judo



අලුත්ම ගොඩයන කලාව - අංගම්. අංගම් ගැන ඇති වී තිබෙන සංවාදය අතිශය පුදුමය සම්පන්නය. ඉතා කෙටි කලක් ඇතුලත අප රටේ නන් දෙසින් සටන් කරුවන් රාශියක් බිහිවීම එක්කෝ රටේ වාසනාවය  නැත්තම් පත්තර කාරයන්ට උපහාරයක් දිය උතුය. තව ටික දවසකින් තව තව ගුරෝ බිහිඋවොත් එය පුදුමයට කාරණාවක් නොවනු ඇත.


පහත දැක වෙන්නේ ලගකදී රිවිර පුවත්පතට කරන ලද සාකච්චාවකි.


http://www.hothotlanka.com/2011/09/ritigala-sumedha-speaks.html










 මෙම පුද්ගලයා ගැන ප්‍රසිද්ධ වීඩියෝ පට කිහිපයක් මෙයින් දැක්වේ. මෙයට පිළිතුරක් වශයෙන් ඉහත සාකච්චාවේ මොහු අන් සටන් කලාවන් අධ්‍යනයට ඉන්දියාවට ගිය බව දක්වා ඇත. එකම ප්‍රශ්නය වන්නේ අංගම් අවරුදු තුනෙන් ඉගෙන ගත් පුද්ගලයාට වෙනත් ශිල්ප ඉගෙන ගැනීමට අවරුදු 7 ක් ගතවීමය. කෙසේ නමුත් අපට අසන්නට ලැබුණු ආකාරයට අනුරාධපුර නගරයේ කලකට ඉහත ජුඩෝ පන්තියක් කරන්නට ඇත්තේ 1998-2005 කාලයේ කරන ලද අන් සටන් පිළිබද අධ්‍යනයට උදව්වක් පිණිස වන්නට ඇත.
පහත වීඩියෝව නරඹන්න 

  රටේ අද වනවිට නමගිය අංගම් ගුරුන් මීට පෙර කුමන හෝ සටන් කලාවක් උගන්වා ඇති බව පෙනෙන්නට තිබේ. එක ගුරෙක් වුෂු ද මෙම ගුරා ජුඩෝ ද උගන්වා ඇත. එමෙන්ම සියලු ගුරන් මාධ්‍යට දැඩි ලැදියාවක් දක්වන බවත් පෙනෙන්නට තිබේ. අයෙක් ප්‍රසිද්ධ සංධර්ශනයක් කඩුවෙලදී කළේය. එමෙන්ම මෙම සියලු ගුරන් අංගම් කලාව තමන් අත පමණක් ඇති බව කියා වහසි බස් ද පවසයි. මේවා ඇත්තද බොරුද කියා උඩ ඉන්න දෙය්යෝ අසා දැනගත යුතුය.


මෙම ලිපිය කියවන ඔබ මේවා ගැන ලිවීමට අපට ඇති රුදාව කුමක් දී සිතනු ඇත. එයට පැහැදිලි පිළිතුරක් නැති උවත් ම ඔබෙන් පහත වීඩියෝව බලන මෙන් ඉල්ලමි.
  


අංගම් ගැන සදහන් වූ මුල් ලිපිය


අද කාලයේ ජනප්‍රිය මාතෘකාව - අංගම් ශිල්පය

gravatar

Ela kiri. 100% true.
Keep posting