• All
  • Politics
  • The World
  • Look Around
  • The Traveler
  • අප උරුමය
  • Lost History

Showing posts with label Travel. Show all posts

gravatar

ත්‍රිකුණාමලයේ යටගියාව

මෑතකදී අප කණ්ඩායමක් ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුනු අතරතුර දැනගත් කාරණා මෙවර බ්ලොග් ලිපියෙන් සාකච්චා කරන්නෙමු. මුලික වශයෙන් ස්ථාන දෙකක් මුල් කරගෙන කරන ලද කරුණු දැක්වීම පහත දක්වා ඇත. 



1. කොනේශ්වරම් කෝවිල සහ පුරාණ ගෝකන්න විහාරය
ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත.  නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය. ඔබ කොනේශ්වරම් කෝවිල වන්දනා කරන්නට යන්නේ නම් ඔබ යන මාර්ගයේ වම් පසින් නුතන ගෝකන්න විහාරය දකින්නට ලැබෙනු ඇත. නමුත් එහි මුල් ස්ථානය අද කොනේශ්වරම් කෝවිල ඇති ස්ථානය බව පවසන මුලාශ්‍ර එමට ඇත. දොළොස්වන සියවසේ මුල් භාගයේ ආරම්භ වන මෙහි ඉතිහාසය තහවුරු කරන කිරීම සක්ෂයක් අද දකින්නට ඇත. 

gravatar

Kindom of Pride - Anuradhapura


 අනුරාධපුර යනු සමස්ථ ලක් ඉතිහාසයේ කේන්ද්‍රයි! විශිෂ්ට වාරි සහ ඉංජිනේරු තාක්ෂණයේ ජීවමාන සාධක රැසක් අදටත් ඉතිරිව ඇති මෙම පුරන අගනගරයේ ගවේෂණය කල යුතු ස්ථාන අපමණය. ජය ශ්රී මහා බෝධිය මුල් කරගත් වර්ථමාන වන්දනා චාරිකාවන්ගෙන් බොහොමයක් මෙකී ස්ථාන මගහැරීම සුලබ දෙයකි. එමනිසා මෙම පුරාණ අග නගරයේ ශ්රී විභූතිය දැකීමට කෙටි කාලයක් හෝ වෙන් කරගෙන පැමිණීම කාලය අපතේ යැවීමක් නොවනු ඇත